
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මාර්ගවල නවතා තැබෙන රථ වාහන සඳහා හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් වාහන නවතා තැබීමේ ගාස්තු අය කිරීමට කොළඹ මහා නගර සභාව තීරණය කර තිබේ.
නාගරික කොමසාරිස්වරයාට අනුව, මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභා රැස්වීමකදී මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව, වාහන ගාල් කිරීම කළමනාකරණය සහ ගාස්තු එකතු කිරීමේ කටයුතු පෙරවරු හෙට පෙරවරු 6:00 සිට සාමාන්‍ය පරිදි නැවත ආරම්භ වනු ඇත.
නගරය පුරා ඉන්ධන පිරවුම්හල් අසල දක්නට ලැබුණු දැඩි රථවාහන තදබදය සහ දිගු වාහන පෝලිම් හේතුවෙන් මාර්තු 18 වන දින සිට වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබිණි.
කෙසේ වෙතත්, QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ වාහන ලියාපදිංචි අංක පදනම් කරගෙන ඉන්ධන බෙදා හැරීමත් සමඟ ඉන්ධන පෝලිම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.
ඒ අනුව සම්මත වාහන නැවැත්වීමේ ගාස්තු ක්‍රමය නැවත හඳුන්වා දීමට සුදුසු බව කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart