
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණයේ කොන්දේසි කඩකරමින් ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අනුමත කිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ නියෝජිතයන් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන කර ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව විපක්ෂයට එක් වූ ජී එල් පීරිස්,දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් සහ පසුගියදා සමගි ජන බලවේගයට සහය පළ කළ ශාන් විජේලාල් යන මන්ත්‍රීවරු සහ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ද එම විශ්වාසභංග යෝජනාවට අත්සන් කරමින් මෙම අවස්ථාවේ අදහස් දැක්වූහ.
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමේ දී කථානායකවරයා ක්‍රියාකළ ආකාරය සහ පනත් කෙටුම්පත බලාත්මක කිරීමට කථානායකවරයා අත්සන් තැබීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ද ගොනුකර තිබේ.
ඉන් එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ ද එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසිනි.
විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමෙන් පසු අදාළ නියෝජිතයන් දැක්වූ අදහස් පහතින්;
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart