
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදුකළ නැනෝ පොහොර ආනයනය හේතුවෙන් සිදුවී ඇති පාඩුව සොයාබැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නව කමිටුවක් පත්කර තිබේ.
නැනෝ පොහොර ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ පාඩුව පිළිබඳ සොයාබැලීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා පවසන පරිදි විගණකාධිපතිවරයා ලබාදුන් නිර්දේශ මත මෙම කමිටුව ස්ථාපනය කර ඇත.
2021 අප්‍රේල් මාසයේදී, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රටට රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කිරීමක් ප්‍රකාශයට පත්කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස 2021 මහ කන්නය සඳහා දියර නැනෝ පොහොර ලීටර් මිලියන තුනක් ආනයනය කරන ලදී.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාහි වාර්තාවක් පෙන්වා දෙන්නේ ඉන්දියානු සැපයුම්කරුවකුගෙන් නැනෝ නයිට්‍රජන් ද්‍රව පොහොර, වාර්තා වූ වෙළඳපොළ මිලට වඩා වැඩි මිලකට මිලදී ගැනීමේදී ආසන්න වශයෙන් ඩොලර් මිලියන 29.4 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 509) අලාභයක් සිදුවී ඇති බවයි.
එම කමිටුවේ සංයුතිය සහ ඒ පිළිබඳ අවසන් වාර්තාවක් අමාත්‍යංශයට භාරදෙන්නේ කවදාද යන්න පිළිබඳ ඇමැතිවරයා වැඩිදුර විස්තර ලබාදී නැත.
පරීක්ෂණ සාම්පල නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් චීනයේ Qingdao Seawin Biotech සමූහයේ මතභේදාත්මක කාබනික පොහොර නැවක් ද ශ්‍රී ලංකා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
සමාගම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාතික බේරුම්කරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර පසුව නීතිපතිවරයා විසින් එම ආරවුල විසඳන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණි.
පසුව වන්දි වශයෙන් සමාගමට ඩොලර් මිලියන 6.7ක් ගෙවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart