
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගිරිඋල්ල – මාරවිල ප්‍රදේශයේ නිවසක සිටි භික්ෂුවකගේ පහරදීමකින් වයෝවෘද්ධ පුද්ගලයකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
පුද්ගලයකු බරපතළ තුවාල ලබා නිවසක් තුළ සිටින බවට ගිරිඋල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව තුවාලකරු සොයා ගෙන ඇත.
පසුවතුවාල ලැබූ පුද්ගලයා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ මාරවිල, ගල්ගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මියගිය පුද්ගලයාගේ ඥාතියකු බව වාර්තා වේ.
අදාළ සැකකාර භික්ෂුව විහාරස්ථානයක වැඩ නොසිටින අතර මාරවිල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ වැඩ වසන අයකු බවත් මත්පැන් පානයට ද ඇබ්බැහි වී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවේය.
සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart