
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රේගුව වෙත හෙළිදරව් නොකරමින් රන් ආභරණ තොගයක් රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රංශයේ සිට පැමිණ ඇති මෙම සැකකරු ගුවන්තොටුපළේ ‘හරිත මාවත'(ග්‍රීන් චැනල්) ඔස්සේ පැමිණීමට උත්සාහ කර ඇත.
ඔහු සම්බන්ධයෙන් මතු වූ සැකය මත කළ පරීක්ෂාවේ දී කැරට් 24 රන් ආභරණ තොගය සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.
රන් ආභරණ ග්‍රෑම් 995ක බරින් යුතු වන අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටි දෙකකට පමණ ආසන්න වේ.
සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු බවට හඳුනාගෙන ඇත.
කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR 654 දරන ගුවන් යානයෙන් ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව මගින් මේ වන විට පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart