
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විසිතුරු මසුන් සහ කැස්බෑවන් 365 දෙනෙකු සමඟ දිවයිනට පැමිණි මගියකු ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය විසින් අද (10) අලුයම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී මෙම මගියා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයකු බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි මගියා ප්‍රකාශ කර ඇත්තේ මෙම මාළු සහ කැස්බෑවන් තම මිතුරකු සඳහා රැගෙන ආ බවයි.
එහෙත් මෙම සතුන් අලෙවිය සඳහා රැගෙන ආ බවට සැකයක් පවතී.
සජීවී සතුන් අතර Asian Arowana, Cycad, Catfish සහ කැස්බෑවන් ද වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එම නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart