
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර රජ වීදිය ඔස්සේ දළදා මාලිගා පරිශ්රයට ඇතුළු කිරීමට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසළ ප්රවාහන ලොරි රථයක තිබී ටී 56 ගිනි අවි සඳහා යොදන හිස් පතුරොම් කොපු 32 ක් ඊයේ (17) පස්වරුවේ සොයාගෙන තිබෙන බව වාර්තා සඳහන් කරයි.
දළදා මාලිගාවට අයත් ආරක්ෂිත කලාපයේ පිහිටි රජ වීදිය පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවක දී ලොරි රථයේ වූ කුඩා පොහොර උරයක තිබී මෙම හිස් පතුරම් කොපු තොගය හමුවී තිබෙනවා.
පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ලොරි රථයේ රියදුරු සහ රිය සහායකයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart