
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු පැහැර හරිමින් මත්පැන් බෝතල්වලට ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ වංචාවක් පිළිබඳ විමර්ශනය කරමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
රට පුරා සිල්ලර වෙළඳසැල් 100කට ආසන්න සංඛ්‍යාවක මත්පැන් බෝතල්වල ආදායම් බදුවලට හසුනොවන ආකාරයෙන් ව්‍යාජ ස්ටිකර් අලවා තිබෙන බව විපක්ෂයේ මන්ත්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
යාපනය, ගාල්ල, රත්නපුර සහ කහවත්ත යන ප්‍රදේශයන්හි තැබෑරුම්වලින් මෙම හොර ස්ටිකර් සහිත මත්පැන් බෝතල් සොයා ගත් බව වාර්තා වේ.
මෙම ව්‍යාජ ස්ටිකර් කිසිසේත් අනුමත ස්ටිකර් සමග සම කළ නොහැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.
මෙම ස්ටිකර් ගම්පහ දිස්ත්‍රික්කයේ කොච්චිකඩේ ලිපිනයකට සම්බන්ධව ඇත.
එම නිවස කවරෙකුට අයත්දැයි සොයාබලන ලෙසද මන්ත්‍රීවරයා අදාළ බළධාරින්ටගෙන් ඉල්ලා සිටියේය.
එක් මධ්‍යසාර නිෂ්පාදන සමාගමකට අයත් මත්පැන් බෝතල්වල පමණක් මෙම ලේබලය යොදා ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
බලපත්‍රලාභී සමාගම් බදු නොගෙවා මධ්‍යසාර විකිණීම තහනම් කිරීමට 2016 වසරේ අයවැය යෝජනාවක් ද ගෙනැවිත් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart