
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර මතුව ඇති ධීවර ගැටළු සම්බන්ධයෙන් නවතම සංවාදය මතුව ඇත්තේ, මෙරට මුහුදු කලාපයට ඇතුළුවී මසුන් මරණ ඉන්දීය ධීවරයන්ට බලපත්ර ලබාදීමේ ක්රමයක් පිළිබඳව අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ ඇමැති අලි සබ්රි ඇතුළු ආණ්ඩුවේ ප්රධානීන් විවධ මත පළකිරීමත් සමගය.
මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීම සිදු කරන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම මෙතෙක් සිදුවූ ක්රියාවලිය වේ.
එහෙත් මෙරට මුහුදු සිමාවේ මසුන් මරණ ඉන්දීය ධීවරයන්ට බලපත්ර ලබාදීමේ ක්රමයක් මේ වන විට යෝජනා වී ඇත.
එසේම මේ සඳහා වූ නීතිමය පසුබිම සැකසීමට 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පනත වෙනුවට නව පනතක් හඳුන්වාදීමට සූදානම්වන බව නීතිඥ ස්වස්ථිකා අරුලිංගම් ඊයේ (28) යාපනයේදී සඳහන් කළේය.
යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව උතුරු පළාත් ධීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්
ඇය එහිදී මෙසේද පැවසීය.
“මෙම පනත යටතේ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට විදේශ යාත්රා සඳහා බලපත්ර නිකුත් කිරීමේ බලතල ලබාදී තියෙනවා. විදේශ බෝට්ටුවලින් මෙරට මුහුදට ඇතුළු වී රැකියාවේ නිරතවන විට යම්කිසි ආකාරයක අපරාධයක් සිදුකළහොත් අදාළ රට සමඟ අපේ රටට ගිවිසුමක් නැත්නම් ඔවුන්ව සිරගත කළ නොහැකි ආකාරයේ කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
අපේ මුහුදේදී අත්පත් කර ගන්නා බෝට්ටු දීර්ඝ කාලයක් රඳවා තබාගත නොහැකිවන අයුරින් ඇප ලබාදීමේ විධිවිධාන මේ කෙටුම්පතට ඇතුළත් කර තියෙනවා. මේ නව පනත හරහා මුහුදු සම්පත ආරක්ෂා කරන්න පුළුවන් කියලා කිව්වත් එහි සාරාංශය අනුව අපේ රටේ ධීවරයන්ට මුහුදු සීමා කරලා තියෙනවා. විදේශීය බෝට්ටුවලට මුහුදු සම්පත සීමා රහිතව ලබාදීලා තියෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart