
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා අඩනිරුවත් ඇඳුම් අන්දවා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක් සිදුකළ ප්‍රධාන සැකකරු හා සහාය වූ කාන්තාවක අත්අඩංගුවට ගත් බව ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි.
එම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, ගංජා,කාන්තා අඩ නිරුවත් ඇඳුම්, කාන්තා යට ඇදුම්, විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් බැංකු කාඩ්පත, දේශීය සහ විදේශීය මුදල්, උපත් පාලන කොපු, ජංගම දුරකථන ඇඳට සවි කරන උපකරණ, ලැප්ටොෆ් පරිගණක සහ ජංගම දුරකථන, කාන්තාවන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද ගිවිසුම්පත් රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයක ආහාර පිසීමට සහ දරුවා බලාගැනීමට යැයි පවසා මීට දින කීපයකට ඉහතදී එම ස්ථානයේ රැකියාවට පැමිණි බදුල්ල සහ වැල්ලවගෙදර ප්‍රදේශවල වයස අවුරුදු 27 හා 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයෙන් පළාවිත් පොලිස්පති සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ඇතුළු කණ්ඩායමක් සිදුකළ වැටළිමකදී ඉතා රහසිගත ලෙස කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම මිනිස් ලිංගික ජාවාරම නීතියේ රැහැණට අසුකර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
එම ස්ථානයේ රැකියාව පතා හා ඔවුන්ට මුල් දිනවලදී නිත්‍ය රැකියාව ලබාදී අනතුරුව පෞද්ගලික තොරතුරු ලබාගෙන අනතුරුව බලහත්කාරයෙන් සිරකර ගෙන තබාගනිමින් මෙලෙස විවිධ පුද්ගලයන්ට ලිංගික අවශ්‍යතා සඳහා අලෙවි කර තිබූ බවත් රුපියල් 2500/= ක මුදලක් කාන්තාවන් වෙත ලබා දී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart