
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළමු තරගයෙන් ලද පරාජයෙන් පන්නරය ලැබූ සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙවැනි 20 /20 තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 08ක ඓතිහාසික ජයක් ලැබීමට සමත් විය.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායික චමරි අතපත්තු පළමුව පන්දු රැකීම තෝරා ගත්තාය.
පළමු පන්දුවාරයේ සිටම ප්‍රබල තර්ජනයක් එල්ල කළ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් එංගලන්ත ඉනිම ලකුණු 104කට සීමා කළහ.
එංගලන්තය වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වූයේ Charlie Dean පමණක් වූ අතර ඇය රැස් කළ ලකුණු 34 නොවන්නට ලකුණු සියයේ සීමාව ඉක්මවීමද ගැටලුවක් වන්නට ඉඩ තිබුණි.
පන්දු යැවීමේදී උදේශිකා, ඉනෝෂි, ඉනෝකා සහ කවීෂා කඩුලු 2 බැගින් දවා ගත්හ.
ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි චමරි අතපත්තු එංගලන්ත ක්‍රීඩිකාවන්ට අනුකම්පා විරහිත ප්‍රහරයක් එල්ල කළාය.
කේට් ක්‍රොස්ගේ පන්දුවකට චමරි එල්ල කළ හයේ පහරක් නතර වූයේ පිටියට යාබදව පිහිටි නිවාස සංකීර්ණ භූමියක් තුළය.
පන්දු 26ක් තුල සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් චමරිගේ ලකුණු 55ට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.
හර්ෂිතා සමරවික්‍රම ක්‍රොස්ගේ පන්දුවකට එල්ල කළ දැවැන්ත හයේ පහරකින් තවත් පන්දු 40ක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය සම්පූර්ණ කළාය.
මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 20/20 ජාත්‍යන්තර තරගයකදී එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කළ පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක්වේ.
දෙරට අතර තුන්වැනි හා අවසන් 20/20 තරගය ලබන බදදා පැවැත්වේ.
තරගාවලිය 1 – 1 ක් ලෙස සම තත්ත්වයේ පවතී.
තරගයේ විශේෂ අවස්ථා නැරඹීම සඳහා පහත සබැඳිය විවෘත කරන්න
https://www.ecb.co.uk/video/3667204/highlights–england-women-lose-to-sri-lanka-by-8-wickets–second-vitality-it20
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart