
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි වසර පහ තුළ මිසයිල සංවර්ධනය අඛණ්ඩව කරගෙන යන බවට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සංඥා කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වන KCNA වාර්තා කර තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ 2025 අවසාන කාර්තුවේදී ප්‍රධාන යුධෝපකරණ ව්‍යවසායන් නැරඹීමේ අවස්ථාවට එක්වෙමිනි.
“යුද්ධ වැළැක්වීම ශක්තිමත් කිරීමේදී රටේ මිසයිල සහ ෂෙල් නිෂ්පාදන අංශය අතිශයින් වැදගත්” බව කිම් ප්‍රකාශකර ඇත.
2026 මුල් භාගයේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රධාන යුධෝපකරණ ව්‍යවසායන් නවීකරණය කිරීම සඳහා කෙටුම්පත් ලේඛන කිම් විසින් අනුමත කරන ලද බව ද KCNA වාර්තා කර ඇත.
එය ඉදිරි වසර පහ වෙනුවෙන් උතුරු කොරියාව සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කරනු ඇත.
කිම් සහ මීළඟ උරුමක්කාරිය විය හැකි බව කියන ඔහුගේ දියණිය සමඟ ටොන් 8,700ක න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් ඉදිකිරීම සහ දිගු දුර මිසයිල අත්හදා බැලීම අධීක්ෂණය කරන බවට හෙළිදරව් වීමෙන් පසුව KCNA වාර්තාව නිකුත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart