June 25, 2026

සිසුන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ‘සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශ’ යටතේ පාසල් ආපනශාලා සඳහා නිර්දේශිත නව ආහාර මෙනුවක් නිකුත් කර තිබේ.

එම නිර්දේශිත ආහාර මෙනුව පහත පරිදි වේ:

ප්‍රධාන ආහාර (Main meals):

* එළවළු මිශ්‍ර බත්
* පරිප්පු බත්
* බඩඉරිඟු කිරිබත්
* පොල්කිරි පොංගල්
* එළවළු පිට්ටු
* පෝෂණීය රොටී
* වට්ටක්කා පොල් රොටී
* කොස් කොත්තු
* එළවළු සහ බිත්තර රොටී
* තෝසේ
* මසාලා තෝසේ
* ඉඩ්ලි
* එළවළු උත්තපම්
* තෙම්පරාදු කළ ධාන්‍ය වර්ග/ඇට වර්ග
* බිත්තර සලාද සැන්ඩ්විච්
* මාළු සැන්ඩ්විච්
* එළවළු සැන්ඩ්විච්
* එළවළු රැප්ස් (Vegetable wraps)
* එළවළු සලාද
* බඩඉරිඟු සලාද
* පැළවූ මුංඇට කරිය
* බිත්තර මසාලා කරිය
* බිත්තර ඕම්ලට් රෝල්ස්

**කෙටි ආහාර (Snacks):

* පලතුරු කූරු (Fruit kebabs)
* පලතුරු කෝප්ප (Fruit cups)
* පලතුරු එකතු කළ යෝගට් කෝප්ප
* තැම්බූ බඩඉරිඟු
* පෑන්කේක්
* කොස් ඇට අග්ගලා
* බතල අග්ගලා
* නැවුම් මිශ්‍ර පලතුරු යුෂ
* මුංඇට කිරි කැඳ
* එළවළු සුප්
* බඩඉරිඟු සුප්
* වට්ටක්කා සුප්

පාසල් ආපනශාලා ජාතික පෝෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වාගෙන යාම සහතික කිරීම සහ සිසුන් අතර යහපත් ආහාර පුරුදු ඇති කිරීම වෙනුවෙන් ‘සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක්’ වැඩසටහන යටතේ මෙම මෙනුව හඳුන්වා දී ඇත.