
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටය සුපිරි ජයග්රහණයකින් ආරම්භ කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ලකුණු 175ක දැවැන්ත පරාජයක් උරුම කරමින්.
කාසියේ වාසිය දිනූ එමීර් නායකයා ශ්රී ලංකාවට පන්දුවට පහරදීමට ආරාධනා කරමින් දිනය ආරම්භයේදීම වරද්දා ගත්තේය.
සිය වගකීම මැනවින් ඉටුකළ ශ්රී ලංකා පිතිකරු ලැයිස්තුව බුලවායෝ පිටියේ ලකුණු 355ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ එමීර් පන්දු යවන්නන්ට අත දිග හැර පහර දෙමින්.
මුල් පෙල පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක ලබා ගත් අතර පස්වැනි පිතිකරු වූ චරිත් අසලංක නොදැවී ලකුණු 48කි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් ලබා ගත්තේය.
තරගයේ අවසන් පන්දුවාර 10 තුළ ලකුණු 108ක් ලබා ගැනීමට ඔවුන් සමත් වූ අතර ඉන් ලකුණු 64ක් ලබා ගත්තේ අවසන් පන්දුවාර 5 තුළදී වීම විශේෂත්වයකි.
ජයග්රහණය හඹා යෑම සඳහා පිටියට පිවිසි එමීර් ක්රීඩකයින්ට පන්දු වාර 39කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 180ක් පමණි.
එමීර් ඉනිම සුනුවිසිණු කළ වනිඳු හසරංග ලකුණු 24කට කඩුලු 6ක් දවා ගනිමින් එක්දින තරගයක සිය හොඳම පන්දු යැවීම ලෙස එය සටහන් කර ගත්තේය.
අයියාන් ඛාන්ගේ කඩුල්ල දවා ගනිමින් එක්දින තරගයක පළමුවරට කඩුලු 5ක් දවා ගැනීමට හසරංග සමත් වූ අතර එය ඔහුගේ 50 වැනි එක්දින කඩුල්ල ද විය.
තවත් කල් වේලා නොගත් හසරංග ඊළඟ පන්දුවෙන්ම ජවදුල්ලා දවා ගනිමින් තරගය නිමා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart