June 4, 2026

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු පළමු එක්දින තරගයෙන් මීට සුළු වෙලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 303ක් ලබාගත්තේය.

පැතුම් නිස්සංක: ලකුණු 79 (පන්දු 103)
කුසල් මෙන්ඩිස්: ලකුණු 72 (පන්දු 62, හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක්)
චරිත් අසලංක: ලකුණු 45
ජනිත් ලියනගේ: නොදැවී ලකුණු 44

පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් මැතිව් ෆෝඩ්, ජේඩන් සීල්ස් සහ රොස්ටන් චේස් කඩුලු 2 බැගින් බිඳහෙළීය.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිමලකුණු 304ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 262ක් පමණකි.

තරගයේ අවසාන භාගයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය අක්‍රිය වීම නිසා සුළු වේලාවකට තරගය නතර කර තැබීමට ද සිදුවිය.

ෂේ හෝප්: ලකුණු 56
ජස්ටින් ග්‍රීව්ස්: ලකුණු 45

පන්දු යැවීමශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 67කට කඩුලු 4ක් දවා ගනිමින් කොදෙව් ඉනිම සුනුවිසුණු කර දැමුවේය.

මීට අමතරව මහීෂ් තීක්ෂණ ලකුණු 26කට කඩුලු 2ක් බිඳහෙළීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක් හිමිවූ අතර, මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී.