
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අත්තනගලු ඔයේ දිය නෑමට ගිය 20 හැවිරිදි තරුණියක් සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී බෑවුමකින් ලිස්සා ගඟට වැටීමෙන් අතුරුදන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පිටකොටුව ගුණසිංහපුර නිවාස සංකීර්ණයේ පදිංචිකාරියක් වන ඇය, මෙම ඛේදවාචකයට මුහුණ දී ඇත්තේ තිහාරිය ප්‍රදේශයේ ඥාතීන් බැලීමට ගිය අවස්ථාවකදීය.
මෙම තරුණිය ඊයේ (02) පස්වරුවේ සිය ඥාතීන් කිහිප දෙනෙක් සමඟ අත්තනගලු ඔයේ දිය නෑමට ගොස් සිටියදී බෑවුමකින් ලිස්සා ගඟට වැටී ඇත.
පොලිසිය සහ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් අතුරුදන් වූ තරුණිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart