
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව ඇති නිවෙසට ‘හොර පාරෙන්’ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුතු ජෙනරේටරයක් විදුලිබල මණ්ඩලයෙන් ලබාගෙන ඇති බවත්, එම ජෙනරේටරයට නව වැට් බද්ද ඇතුළත් කර නැති බවත්, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ‘මව්බිම පුවත්පත’ට පවසා ඇත.
මෙසේ ජෙනරේටරයක් මගින්ද රාජපක්ෂගේ නිවෙසට ලබාදෙන ලෙස පවසා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවද ඔහු පවසයි.
එය මිලියන 50ට අඩු ඇස්තමේන්තුවකට ලබාදී ඇති අතර, ලංවිමේ ‘කොන්ද පණ නැති’ නිලධාරීන් කිහිපදෙනකු අදාළ ජෙනරේටරය ලබාදී ඇති බවත් ඔහු සඳහන් කරයි.
220kw ධාරිතාවෙන් යුත් මෙම ජෙනරේටරයට එක්කර ඇත්තේ, සියයට 15ක් වන පැරණි බද්ද වන අතර එහි ඇස්තමේන්තු අඩුවෙන් දමා ඇති බවද ඔහු අනාවරණය කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ සිටි නිවෙස අලුත්වැඩියා කරන බව පවසා නව නිවෙසකට මෙසේ පදිංචියට ගොස් ඇති අතර, මෙම නිවෙසේ ඒ අනුව ජෙනරේටරයක් සවිකර ඇති බව සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart