
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තංගල්ල, ගොඩැල්ලවල ප්රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසලකට කඩාවැදී එහි තිබූ රුපියල් කෝටි තුනහමාරක් වටිනා මැණික් රන් ආභරණ සහ විදේශ මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු තංගල්ල කොට්ඨාස අපරාධ ඒකකය මගින් පෙරේදා (11දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොල්ලය මෙහෙයවා ඇත්තේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසලේ සේවකයකු විසින්ය.
එම සේවකයාගේ ළඟම ඥාතියකු වන නාරාහේන්පිට පොලිසියට අනුයුක්තව රාජකාරි කළ කොස්තාපල්වරයකු ද මෙම කොල්ලයට සම්බන්ධ වී ඇත.
කොල්ලකන ලද මැණික් රන් ආභරණ සහ විදේශ මුදල්වලින් වැඩි කොටසක් සඟවා තබාගෙන සිට ඇත්තේ ඔහුගේ නිවසේය.
ඉකුත් මැයි 24 දා මෙම කොල්ලය සිදුවී ඇති අතර තංගල්ල කොට්ඨාස අපරාධ ඒකකය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබිණි.
මෙම කොල්ලය සිදුවන අවස්ථාවේ පටිගත වූ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන කළ පොලිස් නිලධාරීහු කොල්ලයේ ප්රධාන සැකකරු තණමල්විල ප්රදේශයේදී අත්අඩංගුවට ගත්හ.
කොල්ලකන ලද මැණික් රන් ආභරණ සහ විදේශ මුදල්වලින් කොටසක් එම කොල්ලකරු සතුව තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබිණි.
සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත පොලිස් කොස්තාපල්වරයා සහ තවත් අයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
මෙම කොල්ලයේ ප්රධාන සැකකරු 27 හැවිරිදි වියේ පසුවන අතර පොලිස් කොස්තාපල්වරයා 22 හැවිරිදි වියේ පසුවෙයි.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart