
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායකට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබේ.
ඒ පසුගියදා රාජ්‍ය ඇමැතිවරයාගේ නියෝගයක් මත වැඩ තහනමට ලක්කෙරුණු ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරි එස්. ඒ. අබේසිරි විසිනි.
රාජ්‍ය ඇමැතිවරයාට අමතරව ලංකා පොස්පේට් සමාගමේ සභාපති, සාමාන්‍යාධිකාරි සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනකු මෙම පෙත්සමින් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්‍ෂණ චාරිකාවක් අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සේවකයකු විසින් වංචා දූෂණ වලට සම්බන්ධ යැයි පවසා විධායක නිලධාරියකුට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව පහරකෑමට ලක්වූ සැපයුම් නිලධාරිවරයාගේ සේවය තහනම් කිරීමට එහි පාලන අධිකාරිය කටයුතු කරන ලදී.
එදින රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායකගේ සංචාරය අවස්ථාවේදී ද ඇමැතිවරයා එම නිලධාරියාගේ සේවය තහනම් කරන ලෙසට සභාපතිවරියට උපදෙස් ලබාදී තිබිණි.
ඒ අනුව පසුදිය ජූලි 18දා සිට සේවය තහනම් කළ බවට සැපයුම් නිලධාරි එස්. ඒ. අබේසිරිට ලංකා රාජ්‍ය පොස්පේට් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයා විසින් ලිපියක් මගින් දැනුම්දී ඇත.
එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් ව ඇත්තේ “ලංකා පොස්පේට් ලිමිටඩ් ආයතනයේ සැපයුම් නිලධාරි ලෙස කනිෂ්ඨ සේවා ගණයේ තනතුරක සේවය කරනු ලබන ඔබගේ සේවය ලංකා පොස්පේට් ලිමිටඩ් (රාජ්‍ය සමාගමේ) විනය පාලන නීති රීති 2006 (අ) සඳහන් නියමයන්ට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩ හි XLVIII වැනි පරිඡේදයේ 31:1, 31:1:7, 31:1:8 හා 31:5:1 උප වගන්තීන් යටතේ පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැටුප් රහිතව මෙයින් තහනම් කරනු ලැබේ යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart