
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දරුවන් අතර මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.
එහි රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, හොටු දියර ගැලීම හෝ නාසය හිරවීම, මස්පිඩුවල හෝ සිරුරේ කැක්කුම, ඔක්කාරය, තෙහෙට්ටුව, ආහාර රුචිය අඩුවීම සහ උගුර වණ වීම බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂ්ක විජයවර්ධන පවසයි.
“මෙය සෘතුමය රෝගයක්. මාස කිහිපයකට පෙර, අපි රෝගීන්ගේ වැඩිවීමක් දුටුවත් දැන් සංඛ්‍යා පහත වැටීමට පටන් ගෙන තිබෙනවා” යැයි ඔහු සඳහන් කරයි.
කෙසේවෙතත්, ඔහු ප්‍රකාශ කළේ මුව ආවරණ පැළඳීම, නිතිපතා අත් සේදීම සහ හොඳ සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම වැනි ක්‍රියාමාර්ග රෝගය වළක්වා ගැනීමට බොහෝ දුරට ඉවහල්වන බවයි.
“පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන රෝගය පැතිරීමේ ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ නිසා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරන ලෙසත්, යම් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින ලෙසත් මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා,” යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මෙවැනිම උණ රෝගයක් පැතිර යන බවයි.
“ශ්‍රී ලංකාවේ අප දකින්නේ සාමාන්‍ය උණ වර්ගයක්. නමුත් කොංගෝවේ, හුදකලා ප්‍රදේශවල රෝගය පැතිර යන නිසා තත්ත්වය වඩාත් සංකීර්ණයි. රෝගයට නිශ්චිත හේතුව තවමත් හඳුනාගෙන නැහැ.” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.
කොංගෝවේ පැතිර යන රෝගය ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවට වෛද්‍ය පෙරේරා මහජනතාවට සහතික වෙයි.
“අපි තත්ත්වය පිළිබඳ හොඳින් විමසිල්ලෙන් සිටිය යුතුයි, නමුත් දැනට කලබල වීමට හේතුවක් නැහැ,” යැයි ඔහු තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart