
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෘත්තියෙන් මනෝ වෛද්‍ය උපදේශකවරියක වන කාන්තාවක් බත්තරමුල්ල නෙරළු උයන ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළදී කපා කොටා ඝාතනය කර ඇති බව තලංගම පොලිසිය සඳහන් කරයි.
නිතර පිටතට ගොස් නැවත පැමිණෙන තවත් පුද්ගලයකු සමඟ ඇය හෝටලයේ නවාතැන් ගෙන සිට ඇති අතර, ඔහු අවසන් වරට පිටව ගොස් ඇත්තේ පසුගිය සෙනසුරාදා (02) බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
පොලීසිය පවසා ඇත්තේ, කාන්තාව සහ අනෙක් පුද්ගලයා පිළිබඳව තොරතුරක් නැති බව දැක හෝටල් සේවකයන් ඔවුන් නතරව සිටි කාමරයේ දොරට තට්ටු කර ඇති බව ය.
පසුව ඔවුන් බලහත්කාරයෙන් දොර විවෘත කිරීමේදී දැක ඇත්තේ ලේ විලක් මැද වැටී තිබූ කාන්තාවගේ සිරුරයි.
මෙසේ මියගොස් ඇත්තේ හපුතලේ පදිංචි සුජාතා මානාභරණ (46) නමැති තැනැත්තියකි.
නුගේගොඩ පොලිසියේ අපරාධ නිළධාරීන් (SOCO) සහ තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart