
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ගේ රැකියා සහ පොදු සේවාවන් හරහා දේශීය ප්‍රජාවගේ ස්ථිර සාමාජිකයන් බවට පත්ව සිටින ශ්‍රී ලාංකික පවුලක් පිටුවහල් කිරීමට ගෙන ඇති තීරණයට මැදිහත් වන ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ලිබරල් ඩෙමොක්රටික් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වික්ටෝරියා කොලින්ස්, සත්කාරක සේවකයකු ලෙස සේවය කරන රසික සහ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ට සහය වන, ප්‍රාදේශීය දේවස්ථානයේ ස්වේච්ඡාවෙන් සේවය කරන ‘නෝර්ත්චර්ච්’හි ගුරු සහකාරියක වන ඔහුගේ බිරිඳ චමිලාගේ සිද්ධිය පෙන්වාදී ඇත.
මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට පැවසුවේ මෙම යුවළ සහ ඔවුන්ගේ කුඩා දරුවන් තිදෙනා පසුගිය වසර හතරක කාලය තුළ තම බලප්‍රදේශය තුළ ජීවිතය ගොඩනඟා ගෙන ඇති අතර ඔවුන් නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කර ඇති බවයි.
එසේ තිබියදීත්, දින 14ක් ඇතුළත බ්‍රිතාන්‍යයෙන් පිටව නැවත ශ්‍රී ලංකාවට යන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එම පවුලට දන්වා ඇති බව ඇය පවසයි.
මෙම තීරණය දැඩි කනස්සල්ලට කරුණක් ලෙස විස්තර කර ඇති කොලින්ස්, ප්‍රදේශවාසීන් එම පවුල වටා රොද බැඳගෙන සිටින අතර මෙම නියෝගය පිළිබඳව ඔවුන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව පවසයි.
“ප්‍රජාවේ බොහෝ දෙනෙක් ඔවුන්ව ධනාත්මක දායකත්වයක් ලබාදුන් කාරුණික, වෙහෙස මහන්සි වී වැඩ කරන සහ කැපවූ පුද්ගලයන් ලෙස සලකනවා, ඔවුන්ව හඳුන්වන්නේ ‘පෙරමුණේ සේවකයන් සහ අපේ ප්‍රජාවේ කුළුණු’ ලෙසයි,” ඇය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා තමන් දැනටමත් ආගමන විගමන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව පැවසූ මන්ත්‍රීවරිය, අමාත්‍යවරයාගෙන් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස පාර්ලිමේන්තුවේදී බලපෑම් කර ඇත.
එවැනිම තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි අනෙකුත් පවුල් සඳහා ද සහතිකයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටියි.
මෙම කරුණට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය කථානායක කැරොලයින් නෝක්ස් කොලින්ස්ගේ කනස්සල්ල පිළිගෙන ඇති නමුත්, මෙම ගැටලුව මූලාසනය විසින් තීරණය කළ යුතු එකක් නොවන බව සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart