
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් ලක්ෂ 40කට සකස් කරගත් ව්‍යාජ කැනේඩියානු සංචාරක බලපත්‍රයක් රැගෙන කැනඩාව බලා යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු ඊයේ සවස බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී ආගමන විගමන බලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 217 දරන ගුවන් යානයෙන් දෝහා බලායෑමට පැමිණි මෙම පිරිමි මගියා සතු කැනේඩියානු විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව නිලධාරීන්ට සැක සිතීම නිසා ඔහුව ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ විගමන කවුන්ටරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු දෝහා සිට කැනඩාවට තවත් ගුවන් යානයකට ගොඩවීමට නියමිතව සිටියේය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත්තේ, මෙම මගියා ගුවන් තොටුපොළේ දෙපාර්තමේන්තු දේශසීමා නිරීක්ෂණ ඒකකයට (BSU) යොමුකළ අතර ඔහුගේ කැනේඩියානු විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව සොයාගත් බවයි.
ඔවුන් ඔහුගේ බඩු බාහිරාදිය පරීක්ෂා කිරීමේදී ඔහුගේ නියම ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයද සොයාගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ.
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරු ගුවන් තොටුපළට පැමිණීමට පෙර කටුනායක – කොළඹ ප්‍රධාන මාර්ගයේ 18 කණුව අසල පුද්ගලයකුගෙන් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන ඇති බව වාර්තා වේ.
ඔහු ආගමන විගමන නිලධාරීන්ට පවසා ඇත්තේ, ස්විට්සර්ලන්තයේ වෙසෙන තම මාමා විසින් රුපියල් ලක්ෂ 40කට සකස් කරන ලද ව්‍යාජ කැනේඩියානු විදේශ ගමන් බලපත්‍රයක් පුද්ගලයෙකුට ලබා දීමට කටයුතු කළ බවයි.
පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා මගියා BIA හි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඒකකය වෙත භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart