October 8, 2024

වතු කම්කරුවන්ගේ දීර්ඝකාලීන අපේක්ෂාව වූ සංශෝධිත දෛනික අවම වැටුප රුපියල් 1,350ක් ගෙවීම සහ අමතරව නෙළන අස්වැන්න සඳහා රුපියල් 50ක අමතර දීමනාවක් ගෙවීම ඔක්තෝබර් 10 වැනිදා සිට අමබිමට නියමිත බව වාර්තා වේ.

මෙම පියවර පැමිණෙන්නේ ප්‍රාදේශීය වැවිලි සමාගම්, වෘත්තීය සමිති සහ පඩිපාලක මණ්ඩලය අතර මෑත කාලීන සාකච්ඡාවලින් අනතුරුව, කම්කරු දෙපාර්තමේන්තුවේ වතු අංශයේ වැටුප් පාලන කවුන්සිලය සමඟ ගිවිසුමක් අවසන් වීමෙන් පසුවය.

නවතම ගැසට් පත්‍රයට අනුව, ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔක්තෝබර් 10 සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1,350ක මූලික වැටුපක් ගෙවිය යුතු බව වාර්තා වේ.

රුපියල් 1,350 මූලික වැටුප සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) වෙත දායක මුදල් බැහැර කරන නමුත් ඒවා එකතු කිරීමත් සමඟ කම්කරුවන්ගේ මුළු ඉපැයීම් දිනකට රුපියල් 1,500 ඉක්මවනු ඇත.

සාමාන්‍යයෙන් මාසය අවසානයේ ගණනය කරනු ලබන කම්කරුවන්ගේ වැටුප්, ඊළඟ මාසයේ 10 වැනි දින ගෙවීමට නියමිතය.

සැප්තැම්බර් 10 වනදා ඇතිකරගත් වැටුප් ගිවිසුමට වඩා හොඳ වන්දියක් ඉල්ලා සිටින කම්කරුවන් සමඟින් හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර නොයෙකුත් මතභේද ඇති විය.

සියලු පාර්ශ්වකරුවන් එකඟ වූ නව වැටුප් ව්‍යුහය සාධාරණ වැටුප් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ උද්ඝෝෂණ කළ වතු කම්කරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැළකේ.

ඵලදායිතාව පදනම් කරගත් මෙම ආකෘතිය යටතේ, තේ සහ රබර් අංශයේ අය ඇතුළු වතු කම්කරුවන්ට දිනකට ඔවුන්ගේ නිෂ්පාදනය මත පදනම්ව රුපියල් 50කට වැඩි මුදලක් උපයා ගත හැකි බව ඔවුන් පෙන්වා දී ඇත.

සංශෝධිත වැටුප් ක්‍රමය තේ වගාව, තේ නිෂ්පාදනය, රබර් වගාව සහ අමු රබර් සැකසීම ඇතුළු තේ සහ රබර් කර්මාන්තවල කම්කරුවන්ට අදාළ වේ.

දැනට පවතින ක්‍රමය යටතේ තේ දළු කිලෝ 20ක ඉලක්කයට ළඟා වූ පසු වතු කම්කරුවන්ට කිලෝවකට රුපියල් 40ක් සමඟින් රුපියල් 1000ක මූලික වැටුපක් ලැබේ.

 

42.31%
17.27%
32.76%