
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍ය ජාතික යුවලකට තියුණු ආයුධ පෙන්වා මරණ තර්ජන සිදුකර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනකු අහංගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අහංගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම යුවළ කාමරය තුළ සිටින විටදී එම කාමරයේ දොර කඩාගෙන ඇතුළුවී ඇති මෙම සැකකරුවන් මෙලෙස රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා ඇති බව පොලිසිය පවසයි.
තවත් කිහිපදෙනකු මෙම කොල්ලකෑමට පැමිණ ඇති අතර ඔවුන් සොයා මේ වන විට අහංගම පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරන බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart