
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කංචන විජේසේකර විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ මෙරටට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මහාපරිමාණ මූල්‍ය වංචාවක් සහ දූෂණයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උපුල් අබේවික්‍රම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆන් ප්‍රනාන්දු ගල්අඟුරු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (19දා) පැමිණිල්ලක් භාර දුන්හ.
පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අභයවික්‍රම පෙන්වා දුන්නේ රට බංකොලොත් වී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබූ එම වකවානුවේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය යටතේ බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ගල්අඟුරු ආනයනය කළ බවය.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. “එම කාලය තුළ මෙරටට ගල්අඟුරු ගෙන්වීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරයේ අවම ලංසුව ඉදිරිපත් කරමින් සුදුසුකම් ලබා සිටියේ ‘ආදිත්‍යා’ සමාගමයි. නමුත් පසුව කැබිනට් මණ්ඩල තීරණයකට මුවා වී, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පවා සම්පූර්ණ කර නොතිබූ ‘ෆොටෙන්සියා’ නමැති වෙනත් සමාගමකට මෙම ගල්අඟුරු ඇණවුම ලබා දීමට කටයුතු කර තිබෙනවා.” යැයි කියා සිටියේය.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි සම්පූර්ණ නොකළ සමාගමකට මෙවැනි මහා පරිමාණ ටෙන්ඩරයක් පැවරීම පිටුපස බරපතළ දූෂණයක් සහ වංචාවක් සිදුව ඇති බවට සාධාරණ සැකයක් පවතින බව මන්ත්‍රීවරු පවසති.
රටේ ආර්ථිකය අගාධයට වැටී තිබූ මොහොතක, නිසි ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් සහ අවම ලංසුකරු බැහැර කරමින් සිදුකර ඇති මෙම ගනුදෙනුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම මඟින් කඩිනම් හා විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වනු ඇතැයි තමන් දැඩිව අපේක්ෂා කරන බව ද මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කොමිසම මඟින් 2016 ජනවාරි 01 සිට 2026 අප්‍රේල් 16 දක්වා දස වසරක කාලය තුළ සිදු වූ සියලුම ප්‍රසම්පාදන සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.
විමර්ශනයට අදාළ තොරතුරු spci.coal@presidentsoffice.lk යන විදත් තැපෑල හරහා හෝ කොළඹ 12, සාංචි ආරච්චි මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලය වෙත ලිඛිතව යොමු කළ හැකි අතර, තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය සුරැකීමට ද කොමිසම පියවර ගෙන ඇත. කොමිසම ගල්අඟුරු ආනයනයේදී සිදුව ඇතැයි කියන දූෂණ හෝ වංචා පිළිබඳ තොරතුරු හා පැමිණිලි ලබන 22 වැනිදා භාර ගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart