
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේදී පවත්වා ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න පත්කර තිබේ.
මෙම සාකච්ඡාවේදී අධිකරණ අමාත්‍යවරයා පවසා ඇත්තේ, දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවයි.
නව පනත ගෝලීය ත්රස්තවාදයට සහ අභියෝගයන්ට මුහුණදිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර, අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා වූ, මෙරට ව්‍යවස්ථාවෙන් ද සහතික කරවූ මානව හිමිකම්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතින් කඩනොවන ආකාරයේ පනතක් විය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.
පසුගිය කාලයේ පැවැති ආණ්ඩු මෙම සංශෝධන නීති ගෙන ඒම සඳහා නිසි උද්යෝගයෙන් කටයුතු කර නොමැති අතර, මේ සදහා පත්කර ඇති කමිටුව ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කිරීමට අදාළ කරුණු සාක්ෂාත් කළයුතු බවද අමාත්‍යවරයා මෙහිදී කමිටු නිලධාරින්ට දැනුම්දී ඇත.
ලබන මැයි මස මුල් කාලය තුළ මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, අන්තර්ජාතික ආයතන සහ ප්රජාවන්ගේ අදහස් ද ලබාගැනීම පිණිස කටයුතු කරන ලෙසත්, අමාත්යවරටා කමිටුවට උපදෙස් දී ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී, නීතිඥ, ලක්මාලි හේමචන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අසංග කරවිට, නීතිඥ, උපුල් කුමාරප්පෙරුම, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය වෙනුවෙන් ලබාදී ඇති GSP+ සහනය සම්බන්ධයෙන් පවතින ප්‍රධානම කොන්දේසියක් වන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමයි.
GSP+ සහනය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා මේ මස අවසානයේදී යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart