June 15, 2026

කොළඹ පැත්තේ හැමෝම අතරේ දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන ‘Vape’ නැත්නම් ‘ඉලෙක්ට්‍රොනික දුම්වැටි’ හොර රහසේ විකුණන්න හදපු සුපිරි ජාවාරමක් නාවික හමුදාවයි, STF එකයි එකතු වෙලා කුඩුපට්ටම් කරලා දාලා තියෙනවා.

ලංකාවට හොරෙන් ගෙනාපු විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් ග්‍රෑන්ඩ්පාස් හරහා මාකට් එකට දාන්න හදපු 26 හැවිරිදි කොළඹ පදිංචි තරුණයෙක්ව තමයි මෙලෙස ආරක්ෂක අංශවල සුපිරි මෙහෙයුමකින් නීතියේ රැහැනට හසු කරගෙන තියෙන්නේ.

පසුගිය ජුනි 13 වැනිදා බටහිර නාවික විධානයේ ‘ශ්‍රී ලංකා නාවික නෞකා රංගල’ ආයතනයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයෝ එකතු වෙලා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත්කරලා තියෙනවා.

එතැනදී පාරේ ගිය සැකකටයුතු තරුණයෙක්ව නවත්තලා ‘බොඩි චෙක්’ එකක් දාද්දී තමයි නිලධාරීන්ගේ ඇස් උඩ ඉන්ද්‍රිලා තියෙන්නේ.

නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ මිල අධික විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි (Vape) 31ක් මෙයා සන්තකයේ තිබිලා අහුවෙලා තියෙනවා.

අවුරුදු 26ක් වයසැති මේ කොළඹ තරුණයා අතින්ම බඩුත් එක්ක කොටු වුණාට පස්සේ, නාවික හමුදාව සහ STF නිලධාරීන් විසින් ඔහුව සහ අත්අඩංගුවට ගත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත භාර දීලා තියෙනවා.

තරුණ පරපුර මේ වගේ විෂ දුම්වැටිවලට ඇබ්බැහි කරලා ලොකු සල්ලියක් හොයන්න හදපු මේ ජාවාරමේ පිටුපස ඉන්න අනෙක් මොළකරුවන් කවුද කියලා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය දැන් දිගට හරහට පරීක්ෂණ පවත්වනවලු.