
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළ සංවර්ධන පහසුකම (MDF) මෙරට නැගී එන විශේෂිත අපනයන ක්ෂේත්රයක් වන කෝපි අංශය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා මාර්ග සිතියමක් වෙනුවෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබේ.
මාර්ග සිතියම මගින් වෙළඳපොළේ වත්මන් තත්ත්වය ගෙනහැර දැක්වීම, හිඩැස් හඳුනා ගැනීම සහ ප්‍රධාන ක්‍රියාකාරී කරුණු ඉස්මතු කරනු ඇති බව ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළ සංවර්ධන පහසුකම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“කෝපි සැකසීමේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, අංශයට අදාළ පුහුණුව පැවැත්වීම සහ ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළ සංවර්ධන පහසුකම මගින් සංවර්ධනය කරන ලද පුහුණු මොඩියුල ගොවීන් සහ සැකසුම්කරුවන් සමඟ බෙදා ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරනු ඇත.” යන්වෙන් එහි දැක්වේ.
නිෂ්පාදනය සහ ඉල්ලුම වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය නැවත ගොඩනැගෙමින් තිබෙන බව ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළ සංවර්ධන පහසුකම පැවසීය.
“2017 සිට ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළ සංවර්ධන පහසුකම හරහා ශ්‍රී ලංකාවේ කෝපි ගමනට ඕස්ට්‍රේලියාව කැපවූ ආධාරකරුවකු වී සිටිනවා. එය දිගු නමුත් ප්‍රතිලාභදායක මාර්ගයක් වූ අතර සෑම වසරකම මෙම අංශයට වැඩි පිළිගැනීමක් ලැබීම දැකීම ගැන අපි ඉතා සතුටු වෙනවා” යනුවෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් පැවසුවාය.
ශ්‍රී ලංකා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළ සංවර්ධන පහසුකම සහ ලංකා කෝපි සංගමය (LCA) පසුගිය සතියේ මහනුවරදී සිව්වැනි වාර්ෂික ශ්‍රී ලංකා කෝපි උත්සවය පැවැත්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart