
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු T20 අන්තර්ජාතික පිටියේ සිය තුන්වැනි ශතකය වාර්තා කිරීමට අද සමත් වුවාය.
ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියේ මලයාසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව දඹුල්ල ක්රිකට් ක්රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන තරගය අතරතුදී ඇය එම ශතකය වාර්තා කළාය.
පන්දු 68කදී ලකුණු 119ක් රැස්කළ ඇයගේ එම ඉනිමට හයේ පහර 07ක් සහ හතරේ පහර 14ක් අන්තර්ගත විය.
මෙම ඉනිම චමරි T20 පිටියේ වාර්තා කළ හොඳම ඉනිම ලෙස සටහන් වෙයි.
චමරි අතපත්තු විසින් අද ලබා ගත් මෙම ශතකය ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලි ඉතිහාසයේ වාර්තා වු පළමු ශතකය ලෙස ද සටහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart