February 16, 2026

සූරියවැව අන්දරවැව ධර්මදූත ආශ්‍රමයේ ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වූ රැස්වීමකට පැමිණි දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් නිසා එම රැස්වීම උණුසුම් තත්ත්වයක් ගෙන ඇත.

ප්‍රදේශයේ ගොවි ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයන් සංවිධානය කර තිබුණු අතර එම රැස්වීම් අතරතුරදී සභාව ඇමතු වලව වම් ඉවුරේ ගොවිනායකයකුට පැමිණ සිටි පිරිසක් විරෝධය පෑම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිව තිබේ.

ප්‍රදේශයට ආරක්ෂාව සපයා තිබූ සූරියවැව පොලිසියේ මැදිහත්වීම මත තත්ත්වය පාලනය කිරීමට හැකිව ඇත.

මෙහිදී එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව විපක්ෂ නායකවරයාගේ සහභාගිත්වයෙන් එම රැස්වීම පවත්වා තිබේ.