
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය සේවකයන් සඳහා සහනදායී ගෙවීම් ක්‍රමයක් යටතේ සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට රජය සූදානම් වන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය.
මෙම සත්කාරක වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය සේවකයන් වෙත කැකුළු සහ නාඩු සහල් වර්ග බෙදාහැරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
යෝජිත වැඩපිළිවෙළේ ප්‍රධාන කරුණක් ලෙස සහන මිල සහ ඇසුරුම්කරණය දැක්වේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව, කැකුළු සහ නාඩු සහල් වර්ගවලින් සමන්විත කිලෝග්‍රෑම් 10 බැගින් වූ සහල් පාර්සල් දෙකක් (සම්පූර්ණ බර කිලෝ 20ක්) සහන මිලක් යටතේ ලබාදීමට නියමිතය.
මෙම සහන සහල් පැකේජය විශේෂ ගෙවීම් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වේ.
මේ සඳහා විශේෂ වවුචර් පත් නිකුත් කෙරෙන අතර, ඒවා දිවයින පුරා පිහිටි සතොස සේවක අලෙවිසැල් හෝ සමුපකාර වෙළඳසැල් (Co-op) මඟින් මාරුකර සහල් ලබාගත හැකිය.
“අපේ රටේ හැමෝම පරිභෝජනය කළ යුත්තේ දේශීය ගොවියා නිෂ්පාදනය කරන සහල්. ඒ නිසා රජය විසින් මිලදී ගත් වී තොග කෙටීම සිදුකර, ක්‍රමවත් සැලසුමකට අනුව බෙදාහැරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබෙනවා.” යැයි අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart