
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ හින්දු විද්‍යාලයේ දස හැවිරිදි පන්දු යවන්නෙකු වන සෙල්වසකරන් රිෂියුදන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වයස අවුරුදු 13 න් පහළ II වැනි කොටසේ තරඟාවලියේ, බත්තරමුල්ල MDH ජයවර්ධන විද්‍යාලයට එරෙහිව පැවැති තරඟයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ක්‍රිකට් ලෝකයේ රැල්ලක් ඇති කර තිබේ.
මුල්ලේරියාව එදිරිවීර සරත්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී රිෂියුධන් පන්දුවාර 09කදී එකදු ලකුණක් හෝ ලබානොදෙමින් කඩුලු 08ක් දවාගෙන තිබේ.
කොළඹ හින්දු විද්‍යාලයේ මුළු ලකුණු සංඛ්‍යාව 126-9 ට පිළිතුරු ලෙස එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලය පන්දුවට පහරදීමේදී, රිෂියුදන් නිලකුණු පන්දු ඕවර 9.4 ක් යවමින් කඩුලු 8 ක් දවාගත්තේය. එම විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 28කට සියලුදෙනා දැවීගියේය.
ඒ අනුව තරගයේ පළමු ඉනිමේ ජයක් කොළඹ හින්දු කණ්ඩායමට හිමිවිය.
ඕෆ් ස්පින්, ලෙග් දඟපන්දු, කැරම් බෝල්, ලූප්, ෆ්ලැට් ලූප් සහ ක්වික් බෝල් යන පන්දු වර්ග හයක් එක ඕවරයකින් යැවිය හැකි ඔහුගේ පන්දු යැවීමේ ප්‍රවීණතාවයෙන් ලොවම මවිතයට පත්කර ඇත.
කොළඹ හින්දු විද්‍යාලය ඔවුන්ගේ ෆේස් බුක් පිටුවේ රිෂියුධන්ගේ විශිෂ්ඨ දක්ෂතාවයට සුබපතා ඇත.
තමා අනුකරණය කිරීමට කැමති ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් නැරඹීමෙන් තමා ආශ්වාදයක් ලැබූ බව රිෂියුදන් පවසා ඇත.
ඔහුගේ අභිලාෂය වයස අවුරුදු 19 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart