
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට අලි මරණ සංඛ්‍යාවේ භයානක වැඩිවීම පිළිබඳ ‘දැඩි කණස්සල්ල’ පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබේ.
එම ලිපියෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙරට අලි මරණ ප්‍රමාණය ලෝකයේ ඉහළම අගය බවයි.
දිවියන් සහ අනෙකුත් ආරක්ෂිත සතුන් අඛණ්ඩව ඝාතනය කිරීම පිළිබඳව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ලිපියෙන් අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකාවේ වනජීවීන් රටේ උරුමයට සහ ආර්ථිකයට, විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයට අත්‍යවශ්‍ය බව එම සංගමය අවධාරණය කළේය.
පවතින නීති රාමුවේ හදිසි සංශෝධනයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියෙන් ඉල්ලා සිටි අතර එවැනි නීති ප්‍රතිසංස්කරණ සඳහා සිය යෝජනා ඉදිරිපත් කරන බව ද නිවේදනය කළේය.
මේ අතර, දඩ මුදල් සහ දඬුවම් වැඩි කිරීම සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට කෙටි කාලීන සංශෝධන ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
එය ආරක්ෂිත සත්ව විශේෂ නීති විරෝධී ලෙස ඝාතනය කිරීම සඳහා ක්ෂණික වැළැක්වීමක් ලෙස ක්‍රියා කරනු ඇති බව එම සංගමයේ මතයයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන අදාළ ලිපියට අත්සන් තබා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart