
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෘථිවිය අයත් තාරකා පද්ධතියට ආසන්නතම තාරකා පද්ධතියේ වායු සහිත යෝධ ග්‍රහලෝකයක් ඇති බවට විද්‍යාඥයන් සොයාගෙන තිබේ.
ආලෝක වර්ෂ හතරහමාරක් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය තාරකා විද්‍යාත්මකව පෘථිවියට සමීප අසල්වැසියකු වනු ඇති අතර ඊට ජීවය පවත්වා ගෙන යන චන්ද්‍රයන් ද තිබිය හැකි බව විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත.
එම විද්‍යාඥයන්ට අනුව මෙම ග්‍රහලෝකය ඇල්ෆා සෙන්ටෝරි තාරකා පද්ධතියට අයත්වේ.
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම දත්ත සොයා ගැනීමට හැකි වී ඇත.
මෙම ග්‍රහලෝකය පසුගිය වසරේ අනාවරණ වූ නමුත් පසු විපරම් නිරීක්ෂණවලදී එය අතුරුදහන් වී තිබිණි.
එය නිසැකවම පවතින බව ඔප්පු කිරීමට තාරකා විද්‍යාඥයන් නැවත සොයා බැලීම් කළ යුතු වේ.
එම ග්‍රහලෝකයේ තාරකාව සහ අපගේ සූර්යයා අතර ඇති සමානකම් නිසා විද්‍යාඥයන් මෙම සොයාගැනීම ගැන විශේෂයෙන් උනන්දු වී ඇත.
විද්‍යාඥයන් පවසන පරිදි මෙම ග්‍රහලෝකය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙනසුරු සහ බ්‍රහස්පතිට සමාන වන අතර ඝන වායු වලාකුළකින් වැසී ඇත.
එමගින් අදහස් වන්නේ එයට ජීවයට සහාය විය නොහැකි නමුත් වාසයට සුදුසු චන්ද්‍රයන් සිටිය හැකි බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart