July 26, 2025

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ නිලධාරියකු වන ලුතිනන් කොයන් චමිත ඉතිහාසයට එක්විය.

ඒ එක්සත් ජනපද නාවික සීල් භට පුහුණු වැඩසටහන සම්පූර්ණ කර කීර්තිමත් සීල් පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමිනි.

ඒ ලෝකයේ වඩාත්ම දුෂ්කර හමුදා පුහුණුව මාස 14 ක් සම්පූර්ණ කිරීමෙන් පසුවය.

ඒ අනුව, අද සිට ශ්‍රී ලාංකීක කොයන් චමිතට අමෙරිකා නාවික හමුදා සීල් භටයකු පළඳින විශේෂ පදක්කම පැළඳිය හැකිය.