
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සහතික කිරීම වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව විෂය භාර අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවසීය.
විපක්ෂයේ චමින්ද විජේසිරි සහ මුජිබර් රහ්මාන් යන මන්ත්‍රීවරුන් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් නිදහස් හා සාධාරණ පරීක්ෂණයක් සහතික කිරීම සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ නැගෙනහිර ආරක්ෂක හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ධුරයේ සිටියදී රජයට නිදහස් හා සාධාරණ පරීක්ෂණයක් සහතික කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ ඔවුන් ප්‍රශං කර තිබිණි.
අගමැතිනි හරිනි අමරසූරිය ද නිදහස් හා සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන බව පාර්ලිමේන්තුව හමුවේ සහතික වූවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart