
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය රටේ වෙනස් වන ජන විකාශන හා සෞඛ්‍ය භූ දර්ශනයට අනුව අනුවර්තනය වීමේ හදිසි අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ අවධාරණය කළේය.
“ප්‍රවේශ විය හැකි සත්කාර සඳහා කැපවීම සහ විශ්වීය සෞඛ්‍ය ආවරණයේ ශක්තිමත් පදනමක් සහිත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පිළිගැනීමට ලක්ව තිබෙනවා,” යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 138 වන සංවත්සරය සැමරීමේ අන්තර්ජාතික වෛද්‍ය සම්මේලනයේදී වෛද්‍ය ජාසිංහ පැවසීය.
“කෙසේවෙතත්, අපි දැන් වඩාත් සංකීර්ණ අභියෝගවලට මුහුණ දෙමින් සිටිනවා, වයස්ගත වන ජනගහනය සහ බෝ නොවන රෝග ඉහළ යෑමේ අභියෝගවල සිට දේශගුණික විපර්යාසවල බලපෑම් සහ මතුවෙමින් තිබෙන බෝවන රෝග තර්ජන දක්වා එය විහිදෙනවා ” යනුවෙන් ද ඔහු පැවසීය.
2041 වන විට රටවැසියන් හතර දෙනෙකුගෙන් එක් අයකු වැඩිහිටි වනු ඇතැයි ප්‍රක්ෂේපණවලින් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව ආසියාවේ වේගයෙන්ම වයස්ගත වන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින බව ඔහු අවධාරණය කළේය.
මෙම ජන විකාශන වෙනස සෞඛ්‍ය සේවා සැපයීමේ පරිවර්තනයක් ඉල්ලා සිටින බව ඔහු අනතුරු ඇඟවීය.
රටේ ජනගහනය 2050 දී පමණ ආසන්න වශයෙන් මිලියන 25ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
“දශක පහකට පෙර අප ලබා දුන් සෞඛ්‍ය සේවා තවදුරටත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ, අප දැන් ප්‍රතිකාර කරන රෝගවල වෙනස්වන ස්වභාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ට සාක්ෂි දිය හැකියි. එය තවදුරටත් සුව කිරීමේ සත්කාර ගැන කාරණයක් පමණක් නෙවෙයි. එය සම්පූර්ණ සත්කාර පරාසයක් ගැන ප්‍රශ්නයක්” යැයි ඔහු පැවසීය.
රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමෙන් ඔබ්බට ගොස් පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට නිරෝගීව සිටීමට සහ සුවය ලැබීමට ඇති හැකියාව ගොඩනැගීම දක්වා ඔරොත්තු දෙන සහ බලගැන්වීමේ සෞඛ්‍ය පද්ධතියක අවශ්‍යතාව වෛද්‍ය ජාසිංහ පෙන්වා දුන්නේය.
‘අභියෝගාත්මක කාලවලදී සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය සමානාත්මතාවය’ යන තේමාව යටතේ කොළඹ පැවති සම්මේලනයට සාධාරණ සෞඛ්‍ය සේවාවක් සඳහා මාර්ග ගවේෂණය කිරීමට දේශීය සහ විදේශීය වෛද්‍ය වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පර්යේෂකයන් පැමිණ තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart