
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායිහි සැඟව සිටින සංව්ධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මමේ නමැත්තාට විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරදීමට අදාළ ව්‍යාජ උප්පැන්න සහතිකයක් සකස් කර දුන් බව කියන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක රෙජිස්ට්‍රාර්වයක් මෙම මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග ඊයේ (24දා) නියෝග කළාය.
සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක රෙජිස්ට්‍රාර්වරියක වන දෝන රුවනි වාසනා නමැති සැකකාර කාන්තාවක් එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකාර කාන්තාව සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සේවයෙහි නියුතුව සිට මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින තැනැත්තියක බවත්, ඇය මෙම සිද්ධියේ නවවැනි සැකකාරිය වශයෙන් නම්කරන බවත් විමර්ශන නිලධාහු අධිකරණයට දැනුමදුන්හ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් ජාවාරම් කිරීමේ විමර්ශන අංශය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඊයේ පස්වරුවේ මහෙස්ත්‍රාත්වර්යගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කෙරිණි.
එහිදී සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නිලධාරීන් අධිකරණය හමුවේ කියාසිටියේ මෙම සැකකාර හිටපු රෙජිස්ට්‍රාර්වරිය ‘මන්දිරම් පද්මසිරි පෙරේරා’ නමැති ව්‍යාජ නමක් හා ව්‍යාජ ගොනු අංකයක් සකස් කර 2024 ජනවාරි මාසයේ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට විදේශ ගමන් බලපත්‍රය සකස්කර දීමට අදාළව ව්‍යාජ ලෙස උපැන්නන්න සහතිකයක් නිකුත් කර ඇති බවයි.
සැකකාර කාන්තාව මෙම ව්‍යාජ උප්පැන්න සහතිකයට අමතරව ව්‍යාජ ගොනු අංක භාවිත කරමින් වෙනත් ව්‍යාජ උප්පැන්න සහතික සකස් කර බාහිර පුද්ගලයන් වෙත ලබාදී ඇති බවත්, එම වංචනික ක්‍රියා සඳහා ඇය එහි උසස් නිලධාරීන්ගේ මුද්‍රා පවා භාවිත කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකාර කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
එහිදී සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියාසිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස කර තිබූ දැනුම්දීමකට අනුව තම සේවාදායිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇති බවත්, එසේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඇය එසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart