
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ කාමුක දර්ශන භාවිත කරන්නන් විසින් තමන් වයස අවුරුදු 18 ඉක්මවා ඇති බව තහවුරු කිරීමට කොටුවක සලකුණක් යෙදීමේ ක්‍රමය අවසන් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.
ඒ අනුව එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන කාමුක දර්ශන අන්තර්ගතයන් සහිත වෙබ් අඩවි පරිශීලකයින්ගේ වයස් පරීක්ෂාව අද සිට දැඩිලෙස සිදු කිරීමට නියමිතය.
අදාළ කාණ්ඩයේ දර්ශන වෙත ප්‍රවේශ වීමට කැමති වැඩිහිටියන්ට අන්තර්ජාලය භාවිත කරන ආකාරයෙහි සැළකිව යුතු වෙනසක් අත්විඳීමට සිදුවනු ඇතැයි වාර්තාවේ.
නව නීති නොසළකා හරින වෙබ් අඩවිවලට පවුම් මිලියන 18ක් හෝ ආදායමෙන් 10%ක් දක්වා දඩ නියම කළ හැකිය.
එක්සත් රාජධානියේ මාධ්‍ය නියාමකයා වන Ofcom විසින් එක්සත් රාජධානියේ මිලියන 14ක් පමණ ජනතාව මාර්ගගත කාමුක දර්ශන නරඹන බවට ඇස්තමේන්තු කර තිබේ.
වයස් පරීක්ෂාව දැඩි කිරීම තුළින් දරුවන්ට අන්තර්ජාලය හරහා හානිකර දර්ශන සහ තොරතුරු වෙත ප්‍රවේශවීම දුෂ්කර කරනු ඇතැයි පැවසේ.
Ofcom විසින් ක්‍රෙඩිට් කාඩ් පරීක්ෂාවන්, ඡායාරූප හැඳුනුම්පත් ගැළපීම සහ සෙල්ෆියක් භාවිතයෙන් වයස ඇස්තමේන්තු කිරීම ඇතුළුව පරිශීලකයන්ගේ වයස සත්‍යාපනය කළ හැකි ක්‍රම ගණනාවක් සකසා ඇත.
එහි සඳහන් වන්නේ දහස් ගණනක් වෙබ් අඩවි වයස් පරීක්ෂා සඳහා යොමු වී ඇති බවයි.
පරිශීලකයකු තෝරා ගන්නා වේදිකා ආකෘතිය කුමක් වුවත්, ඒවා තාක්ෂණිකව නිවැරදි, ශක්තිමත්, විශ්වාසදායක සහ සාධාරණ විය යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart