
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වයෙන් ඉවත් කර වෙනත් පුද්ගලයකු එම තනතුරට පත්කිරීම සඳහා පවත්වන ලද රහසිගත සාකච්ඡා පිළිබඳව තොරතුරු හෙළි වෙමින් තිබේ.
මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව සමගි ජන බලවේගයෙන් දයාසිරි ජයසේකර, හර්ෂ ද සිල්වා හෝ සුදුසු කාන්තා මන්ත්‍රීවරියක එම ධුයට පත්කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇතැයි වාර්තා සඳහන් කරයි.
ඇතැම් පාර්ශව හෙළිකර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගේ ම ආභාෂය නොමැති කෙනෙකු හට එම ධුරය ලබාදීමට තවත් පිරිසකගේ අවධානය යොමුකර ඇති බවයි.
දයාසිරි ජයසේකරගේ නම සඳහන් වීම පිළිබඳව නිරීක්ෂකයන්ගේ මතය වී ඇත්තේ, ඔහු මේ වනවිට රාජපක්ෂලා හා සමානව ජාතිවාදී සහ ආගම්වාදී මත දැක්වීම ඉදිරි සැලසුමක් අනුව සිදුකරන බවය.
මේ අතර, රජයේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් හර කාණ්ඩයෙන් ඉවත් කිරීම සහ බෞද්ධාගම ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තිබෙන ප්‍රතිපාදන උල්ලංඝණය කර ඇති බවට ඔහු ප්‍රචාරය කරමින් සිටී.
මේ සම්බන්ධ විශේෂ ලිපියක් මහනායක හිමිවරුන්ට යවමින් ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා දී ඇති බව Lanka Truth වෙබ් අඩවිය හෙළිකරයි.
එම ලිපිය මගින් ආණ්ඩුවට එරෙහිව විවිධ අසත්‍ය ප්‍රචාර වෙනත් මුහුණවරකින් ලබාදීමේ උත්සාහයක සමගි ජන බලවේගයේ මෙම මන්ත්‍රීවරයා යෙදී සිටින බව වැඩි දුරටත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart