July 19, 2025

වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වී තිබෙන විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කරන විමර්ශන කමිටුව සාක්ෂි ලබාගැනීමේ අදියර අවසන් කර තිබේ.

ඒ අනුව එහි වාර්තාව ලබන සතියේ කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.

නීල් ඉද්දවල සහ ලලිත් ඒකනායකගෙන් සමන්විත එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන‍ ය.