
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාව ඉදිරි දින කිහිපය තුළ වෙළඳ ගිවිසුම් කිහිපයක් අවසන් කිරීමට ආසන්නව සිටින අතර, ජූලි 9 වැනි දින විට ඉහළ තීරුබදු අනුපාත පිළිබඳ අනෙකුත් රටවලට දැනුම් දෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ඔහු පවසා ඇති අන්දමට නව තීරු බදු ගාස්තු අගෝස්තු 1 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ඉකුත් අප්‍රේල් මාසයේදී ට්‍රම්ප් බොහෝ රටවල් සඳහා 10%ක මූලික තීරුබදු අනුපාතයක් සහ අමතර තීරුබදු 50%ක් දක්වා ප්‍රකාශයට පත් කළේය.
පසුව ඔහු සියල්ලටම බලපැවැත්වෙන තීරුබදු දිනය ජූලි 9 දක්වා ප්‍රමාද කළේය.
එම දිනය ද මේ වනවිට අගෝස්තු පළමුවැනි දා දක්වා කල්දමා ඇති අතර, නව දිනය හමුවේ රටවල් සඳහා සති තුනක සහනයක් හිමිව තිබේ.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ විමසීමකදී අමෙරිකාවේ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ, ඉහළ තීරුබදු අගෝස්තු 1 දා සිට ක්‍රියාත්මක වන බවයි.
ජනාධිපති ට්‍රම්ප් මේ වන විට මිල ගණන් සහ ගනුදෙනු නියම කරමින් සිටින බව ද ඔහු පවසා තිබේ.
මේ අතර ට්‍රම්ප් Truth Social සමාජ වෙබ් අඩවියේ සටහනක් තබමින් පසුව කියාසිටියේ, අමෙරිකාව සඳුදා පස්වරු 12:00 සිට තීරුබදු ලිපි බෙදාහැරීම ආරම්භ කරන බවයි.
මේ අතර ට්‍රම්ප් BRICS සාමාජික රටවලට ද අනතුරු ඇගවීමක් සිදුකර ඇත.
ඒ අනුව ට්‍රම්ප් පවසා ඇත්තේ, BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළගැසෙන රටවලට අමතර 10% තීරුබදුවක් අයකළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart