
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයන් 88 දෙනකුගේ වත්කම් පොලිසිය විසින් අත්හිටුවා තිබේ.
ඉන් 26 දෙනකු සංවිධානාත්මක අපරාධ ක්‍රියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් වන අතර, ඉතිරි පිරිස මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබ සිටින පිරිසකි.
අත්හිටවූ වත්කම් අතරට ඉඩම්, නිවාස, බැංකු ගිණුම්, වාහන, ස්වර්ණාභරණ, ව්‍යාපාරික ස්ථාන සහ කුඹුරු ඉඩම් ඇතුළත් වේ.
2024 දෙසැම්බර් සිට 2025 ජනවාරි දක්වා කාලය තුළ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ බැඳී පවතින ඩොලර් මිලියන 15.25ක් ඇතුළුව, ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 22.4ක් වටිනා සාපරාධී වත්කම් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
ත්‍රස්ත සංවිධානවලට සහ පුද්ගලයන්ට අයත් වත්කම් තහනම් කිරීමට රජය විසින් මැයි මාසයේදී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් ඇත.
ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබිණි.
නව නියෝගයට අනුව ආයතන 15ක සහ පුද්ගලයන් 117කගේ බැංකු ගිණුම් සහ චංචල සහ නිශ්චල වත්කම් අත්හිටුවීමට නියමිතව තිබිණි.
මීට පෙර, පොලිසිය පැවසුවේ අවම වශයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක් හඳුනාගෙන ඇති අතර, ඒවා මෙහෙයවන මහමොළකරුවන් විදේශයන්හි සිට ක්‍රියාත්මක වන බවයි.
මෑතකදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මුදල් විශුද්ධිකරණයට එරෙහි නව නීතියක් මගින් නීතිවිරෝධී ලෙස උපයන මුදල් සොයාගැනීමට සහ සොරකම් කරන ලද වත්කම් ආපසු අයකර ගැනීමට නීතිය බලාත්මක කරන පාර්ශවවලට තවදුරටත් බලය පවරා ඇත.
මෙම අත්හිටවූ වත්කම්වල සත්‍ය හිමිකම් සොයා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය එක්ව පරීක්ෂණ මෙහෙයවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart