
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇපල් සමාගම විසින් මෙතෙක් වෙළෙඳපොළට නිකුත් කර නොමැති ‘iPhone 18 Pro’ ජංගම දුරකථනයට අදාළ අතිශය රහස්‍ය තොරතුරු රැසක් කාන්දු වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඉන්දීය රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඉන්දීය තොරතුරු තාක්ෂණ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළ අතර, මෙය මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය නිල වශයෙන් අදහස් දැක්වූ පළමු අවස්ථාවයි.
ඇපල් සමාගමේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන ඉන්දියාවේ ‘ටාටා ඉලෙක්ට්‍රොනික්ස්’ ආයතනය ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම Ransomware සයිබර් ප්‍රහාරය පිටුපස සිටින කණ්ඩායම විසින්, අදාළ රහස්‍ය ලේඛන අන්තර්ජාලයේ Dark Web අඩවි වෙත මුදාහැර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙලෙස කාන්දු වූ තොරතුරු අතර iPhone 18 Pro මාදිලියේ අමතර කොටස් ලැයිස්තු, සැපයුම්කරුවන්ගේ විස්තර සහ එහි ඡායාරූප ද ඇතුළත් බව පැවසේ.
“අපි මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වනවා,” යැයි ඉන්දීය විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එස්. ක්‍රිෂ්ණන් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉන්දියාවේ ජාතික සයිබර් ආරක්ෂණ ආයතනය වන ‘පරිගණක හදිසි ප්‍රතිචාර දක්වන කණ්ඩායම’ වෙත නඩුව යොමු කර ඇති බවයි.
මෙම දත්ත කාන්දුවීමත් සමඟ, ලොව පුරා විහිදී ඇති බහුවිධ සැපයුම්කරුවන් මත යැපෙන ඇපල් සමාගමේ දැඩි ආරක්ෂිත ගෝලීය සැපයුම් ජාලයේ සුරක්ෂිතභාවය පිළිබඳව මේ වන විට දැඩි කනස්සල්ලක් මතුව ඇත.
ඇපල් සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone 18 Pro සහ Pro Max මාදිලි එළඹෙන සැප්තැම්බර් මාසයේදී වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතව තිබුණි. කාන්දු වූ ගොනු අතර ඇපල් සමාගම විසින් කිසිවිටකත් ප්‍රසිද්ධ නොකරන, උපාංග නිෂ්පාදනය සඳහා විවිධ සමාගම් වෙත පවරා ඇති වගකීම් ඇතුළත් අතිශය රහසිගත ලේඛන අවම වශයෙන් හයක්වත් අඩංගු බව වාර්තා වේ.
රොයිටර් පුවත් සේවයට අනුව, මෙම දත්ත සොරකම සම්බන්ධයෙන් විධිමත් විගණනයක් සිදු කිරීම සඳහා ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගම විසින් ලෝක ප්‍රකට උපදේශන ආයතනයක සහාය ලබාගෙන ඇත. මෙහිදී ඇපල් සමාගමට අමතරව ටෙස්ලා (Tesla), කොවල්කොම් (Qualcomm) සහ ටී.එස්.එම්.සී. (TSMC) යන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගම්වලට අදාළ රහස්‍ය ලේඛන ද ඩාර්ක් වෙබ් අඩවිවල පළ කර ඇති බව හෙළි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart