July 4, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ධාවන ශූරයකු වන යෙවාන් ඩේවිඩ් බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී පැවැති FIA ෆෝමියුලා 3 ස්ප්‍රින්ට් (F3 Sprint Race) තරගයේ දෙවැනි ස්ථානය දිනාගනිමින් සෙනසුරාදා දින නැවතත් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් විය.

AIX Racing කණ්ඩායම වෙනුවෙන් තරග වදින යෙවන් ඩේවිඩ් මෙම ජයග්‍රහණය වාර්තා කළේ, තත්පර 20කට ආසන්න පැහැදිලි පරතරයකින් තරගයේ පෙරමුණ ගෙන එහි ප්‍රථම ස්ථානය දිනාගත් Campos Racing කණ්ඩායමේ උගෝ උගෝචුක්වු ට පමණක් දෙවැනි වෙමිනි.

Campos Racing කණ්ඩායමේම තියෝෆිල් නායෙල් තෙවැනි ස්ථානය දිනාගනිමින් එහි ජයග්‍රාහී පීඨිකාව සම්පූර්ණ කළේය.

යෙවාන් ඩේවිඩ් ලබාගත් මෙම විශිෂ්ට දෙවැනි ස්ථානය, ඔහුගේ 2026 ෆෝමියුලා 3 තරග වාරයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය මේ වසරේ ඔහු ලබාගත් ජයග්‍රාහී පීඨිකා (Podium finishes) ලැයිස්තුව තවදුරටත් ශක්තිමත් කරන්නකි.

බ්‍රිතාන්‍ය ග්‍රෑන්ඩ් ප්‍රී (British Grand Prix) සති අන්තයේ පැවැත්වෙන ෆෝමියුලා 3 ප්‍රධානතම තරගය (Feature race) ඉරිදා දින සිල්වර්ස්ටෝන් හිදීම පැවැත්වීමට නියමිතය.