
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය ගුවන් අනතුරින් මියගිය ජෝෂි පවුල මෙරට කළ සංචාරයේ දී සංචාරක මාර්ගෝපදේශකයා ලෙස කටයුතු කළ පුද්ගලයා ඔවුන් සමග ඔහුට තිබූ ආදරණීය මතකයන් සිහිපත් කරමින් අදහස් දක්වා තිබේ.
ප්‍රතීක් ජෝෂි, ඔහුගේ බිරිඳ කෝමි ව්‍යාස් සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා ශ්‍රී ලාංකික සංචාරක මාර්ගෝපදේශක දුලාජ් තිලකරත්නට පොරොන්දු වී ඇත්තේ ඔවුන් නැවත වරක් මෙරට සංචාරය කිරීමට සහ ඔහු සමඟ කාලය ගත කිරීමට නැවත පැමිණෙන බවයි.
බ්‍රහස්පතින්දා සිදු වූ ඛේදජනක එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් ජෝෂි පවුලට ජීවිත අහිමි විය.
දුලාජ්ට, ඔවුන් අහිමි වීමේ ශෝකය තවමත් නොනැසී පවතී.
“දෙවියන්ගේ කරුණාවෙන් අහම්බෙන් හරි ඔවුන් බේරුනා දැයි බලන්න මම විනාඩි 10කට කලිනුත් පරීක්ෂා කළා” ඔහු ඊයේ පැවසීය.
දුලාජ්ට මුලින්ම මෙම පවුල මුණගැසුණේ ඔහු සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස සේවය කරන MySL ට්‍රැවල්ස් හරහාය.
ජෝෂි පවුල පසුගිය වසරේ ඔක්තෝබර් 20 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණ 29 වැනි දින දක්වා රැඳී සිට තිබේ.
ඔහු ඔවුන්ව කොළඹ, නුවරඑළිය, ඇල්ල, කතරගම, බෙන්තොට සහ පින්නවල ආදී ප්‍රදේශ වෙත රැගෙන් ගොස් ඇත.
“ඔවුන් මට කිව්වා එයාලට ගෙදර ඉන්නවා වගේ දැනෙනවා කියලා. එයාලට විදේශිකයන්ට වගේ සළකයි කියලා බලාපොරොත්තු වුණාලු, නමුත් ඒ වෙනුවට අපි පවුලේ අය වගේ වුණාලු,” යනුවෙන් ඔහු සිහිපත් කරයි.
දුලාජ් මැනවින් කතා කළ හැකි බැවින් ඔවුන් ගමන පුරාම හින්දි භාෂාවෙන් කතාකර තිබේ.
නිවුන් දරුවන් දෙදෙනා විශේෂයෙන්, ඔහුට ඇලුම් කළ බව ඔහු පවසයි.
“එයාලගේ අම්මා තාත්තා බැණපු ගමන් දුවගෙන එන්නේ මගේ ළඟට. මම ඔවුන්ට සැලකුවේ මගේම අයට වගේ” දුලාජ් පවසයි.
දුලාජ්ට වඩාත්ම බලපෑවේ ඔවුන්ගේ සරල බව සහ කරුණාවයි.
“ඔවුන් යාචකයන්ට පවා මුදල් දුන්නා. ඔවුන් ඉතා දයානුකම්පිතයි. ඔවුන් නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කළ දිනවල පවා, ඔවුන් සෑම විටම මට මුලින්ම කන්න දෙන්න වග බලා ගත්තා. මම මගේම පවුලේ අය සමඟ ගමනක් ගියා වගෙයි මට දැනුණේ. ඒකයි මේක මාව ගොඩක් කම්පනයට පත් කළේ,” ඔහු පවසයි.
සංචාරය අවසන් වූ පසුවත් කෙටි පණිවිඩ යැවීම, ඇමතුම් ලබා දීම, සමහර විට වීඩියෝ ඇමතුම් ලබා දීම වැනි ක්‍රම ඔස්සේ ඔවුන් සම්බන්ධතා පවත්වා ගෙන ගොස් ඇත.
“අලුත් අවුරුද්ද, දීපාවලි උත්සවය, නත්තල් වැනි විශේෂ අවස්ථාවන්හිදී මට සුබ පතන්න ඔවුන් කතා කළා, දෙසැම්බර් මාසයේදී ඔවුන් නැවත පැමිණෙන තෙක් මම බලන් හිටියේ ” යනුවෙන් ඔහු පවසයි.
අනතුර ගැන ඇසූ විට දුලාජ්ට ඇති වූ හැඟීම ඔහු විස්තර කර තිබිණි.
“මට දැනුණු දුක මට විස්තර කරන්න බැහැ. අදටත්, මම ඔවුන් රැගෙන ගිය වාහනය පදවන විට, මට ඔවුන්ව මතක් වෙනවා. මම ඔවුන් සමඟ ගත කළ අවස්ථා මට මතකයි. මගේ හැඟීම් පාලනය කරගන්නත් අමාරුයි.”
“අනතුර ගැන ඇසූ පසු මම ඔවුන්ගේ අංක දෙකටම කතා කළා. පිළිතුරක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මම ෆේස්බුක් සටහන් දැක්කා. ඔවුන් ඒ තරම් පොස්ට් දාන්නේ නැහැ, නමුත් වෙනඅය එයාලව ටැග් කරලා තිබුණා. මම දැනගත්තේ එහෙමයි,” ඔහු පැවසීය.
ජුනි 17 වැනි දින, දුලාජ් සහ සංචාරක ක්ෂේත්රයේ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු ජෝෂි පවුලේ අය සිහිපත් කිරීම සඳහා පන්සලකට සහ ළමා නිවාසයකට දානමය පුණ්‍ය කර්මයක් පවත්වනු ඇත.
“මගේ සංචාරක ජීවිතයේ වසර දහය තුළ, මට ඔවුන් වැනි කිසිවෙක් හමුවෙලා නැහැ,” ඔහු පවසයි.
“ඔවුන් මට හිස නමා, මගේ අත් අල්ලාගෙන මට ස්තූති කළා. ඔවුන් මට රියදුරකු හෝ මාර්ගෝපදේශකයකු ලෙස සැලකුවේ නැහැ. ඔවුන් මට සැලකුවේ ඔවුන්ගේම කෙනෙකුට වගේ. මම හිතන්නේ නැහැ මම කවදාවත් ඔවුන්ව අමතක කරයි කියලා,” දුලාජ් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart