
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතර බන්ධනාගාරයේ සිරකරුවන් සතුව තිබී මාංචු කුට්ටම් 7ක් හමුවී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට ඊයේ (13) පස්වරුවේ එක්වෙමිනි.
මාංචු කුට්ටම්වලට අමතරව මාංචුවල යතුරු 27ක්ද තවත් නීතිවිරෝධී භාණ්ඩ රැසක්ද සිරකරුවන් සන්තකයේ තිබී හමුවූ බව ජනාධිපතිවරයා හෙළිකළේය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
“මාතර බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ නිසා එහි සිරකරුවන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට අපි මාරු කළා. එවිට අපට මාතර බන්ධනාගාරයෙන් හසු වුණා මාංචු හතක්. ඒ කියන්නේ මාංචු සිරකරුවන් ළඟ. මාංචුවල යතුරු 27ක් අහු වුණා. ෆෝන්, චාර්ජර්ස්, අයි පෑඩ්. මේ රට තිබෙන්නේ මෙතැනයි. ඒ විතරක් නෙවෙයි, බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන්ට සමාව දෙන්නත් පටන් අරන්. මම මේ කියන්න හදන්නේ මේක තමයි අපේ රට තිබුණු තැන. මේවා වැදගත් ආයතන. රේගුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යන මේවා රටක කොඳු නාරටිය. රටක පැවැත්ම පිළිබඳ ප්‍රධාන සාධක. ඒ සියල්ල බිඳ වැටිලා තිබෙන්නේ. මේ සියල්ල පිරිසිදු කරන ව්‍යායාමයට අපි අත දෙනවා. අපේ දරුවන්ට හොඳ වගකීම් සහිත නිලධාරීන්, ආයතන අවශ්‍යයි. එසේ නොමැතිව රට පුරා පොඩි පොඩි අධිරාජ්‍ය හදන්න දෙන්න බැහැ. මේ අධිරාජ්‍ය සියල්ල බිඳිනවා. එක රාජ්‍යයි තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද ප්රජාතන්ත්රවාදී රාජ්‍යයයි. එතැනට ගෙන යාම අපේ ඉලක්කයක්. ඒක අපි කරමින් ඉන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart