
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේට අයත් බව කියන ආයතන තුනක් ජූලි 2 දා උදෑසන 10ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ.
කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළකරමින් මෙලෙස දැනුම් දී ඇත.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු දස කෝටි හතළිස් දෙලක්ෂ විසිනව දහස් තුන්සිය හතළිස් දෙකක (104,229,342) මුදලක් අයකර ගැනීමේ අරමුණෙන් මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසි කිරීමකට තීන්දු කර තිබේ.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අය විය යුතු දසකෝටි අසූතුන් ලක්ෂ නවදහස් තුන්සිය හතළිස් දෙකක (108,309,342) මුදලින් රුපියල් හතළිස් ලක්ෂ අසූදාහක (4,080,000) පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති නිසා ඉතිරිය අය කරගැනීමේ අරමුණින් 2022 නොවැම්බර් 10 ලබාදුන් නඩු තීන්දුව අනුව මෙලෙස වෙන්දේසි කරන බව දැනුම් දී තිබේ.
දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයි එම ප්‍රසිද්ධ දැන්වීමේ පළකර තිබේ.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart