
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක වීසා මත මෙරටට පැමිණ මීරිගම ප්‍රදේශයේ කුකුළු මස් සැකසුම් කම්හලක කුකුළු නිෂ්පාදන සකස් කරමින් සිටි ඊශ්‍රායල ජාතිකයන් තිදෙනකු ඇතුළු යුදෙව් රබ්බිවරුන් පස්දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම නිලධාරීන් විසින් ලද තොරතුරකට අනුව කුකුළු මස් සැකසුම් කම්හලක් වටළා එම යුදෙව් රබ්බිවරුන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගැණුනු පිරිසෙන් තිදෙනකු ඊශ්‍රායල ජාතිකයන් වන අතර අනෙක් දෙදෙනා ඕස්ට්‍රේලියාවෙන් සහ ඉතාලියෙන් පැමිණ ඇතැයි අනාවරණ වී තිබේ.
සංචාර වීසා මත පසුගියදා මෙරටට පැමිණි රබ්බිවරුන් පස්දෙනා යුදෙව් නීතියේ අවශ්‍යතා අනුව කුකුළු නිෂ්පාදන සෑදීමේ කොෂර් සම්ප්රදාය ක්‍රියාත්මක කරන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කෝෂර් විසින් සිදුකරන ලද මස් පසුව ප්‍රාදේශීය චබාද් නිවාසවල යුදෙව් ආගමික මධ්‍යස්ථාන විසින් මිල දී ගෙන, යුදෙව්වන් වැඩිපුර ගැවසෙන ජනාකීර්ණ වෙරළබඩ නගරයක් වන ආරුගම්බේ වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබී ඇතැයි ද අනාවරණ වී ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත්තේ, සැකකාර ඊශ්‍රායල ජාතිකයන්ගෙන් දෙදෙනකු මාර්තු සහ මැයි මාසවලදී මෙරටට පැමිණ ඇති අතර, ඉතිරි පිරිස ජුනි මස මුල් සතියේ පැමිණ ඇති බවයි.
යුදෙව් සූපශාස්ත්‍ර සම්ප්‍රදායට අදාළ ආගමික වතාවත් සිදුකිරීම ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී නොවන නමුත් සංචාරක වීසා බලපත්‍රයක් සහිතව පැමිණ ව්‍යාපාරයක එවැනි ක්‍රියාකාරකම් සිදුකිරීම නීතිවිරෝධී ක්‍රියාවක් වේ.
විදේශීය ආගමිකයන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පෙර ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් පූර්ව අවසරයක් ලබාගත යුතු බැවින් මෙවැනි ක්‍රියාකාරකමක් රට තුළ අනාවරණය වූ පළමු අවස්ථාව මෙය බව ඔහු පැවසීය.
විදේශිකයන්ට එවැනි කටයුතු සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අවම වශයෙන් ව්‍යාපාරික වීසා බලපත්‍රයක් ලබාගත හැකිව තිබූ බව ද එම නිලධාරියා පවසා තිබේ.
අත්අඩංගුවට ගත් විදේශිකයන් පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් රටින් පිට කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart